ඩොලර් බිලියන 36ක ණය කල් පිරිලා;ගෙවා ගන්න භාණ්ඩාගාරයේ පිච්චියක් වත් නෑ

ශ්‍රී ලංකාව ලෝකයෙන් ලබා ගෙන ඇති ඩොලර් බිලියන 36ක ණය ප්‍රමාණය කල් පිරී ඇති බව ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.නමුත් ඒ ණය ගෙවීමට භාණ්ඩාගාරයේ පිච්චියක් වත් නැති බවද ඇමති වරයා කීය.ඒ කැකිරාව ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවට එක්වෙමිනි.“භාණ්ඩාගාරයේ පිච්චිය නෑ. මේ හම්බුවෙන මුදල් ටිකෙන් හැම මාසයේම රාජ්‍යය සේවකයින්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවලා, සමෘද්ධිය ඇතුළු සහනාධාර ගෙවලා. ගත්ත ණය සඳහා පොලී ගෙව්වට පස්සේ මොකුත් ඉතුරු වෙන්නේ නෑ.දැන් ගෙවන්න බැරි ණය තියෙනවා කල් පිරිලා. ඇමරිකානු ඩොලර් බිලියන 36 ක්. ඒක මේ තියෙන ඒවා විකුණලා ගෙවන්න බෑ.හම්බන්තොට වරාය විකුණුවාම ලැබුණේ 1.4 යි. ලංකාවට හම්බුණ ලොකුම ව්‍යාපෘතිය අර මුහුද ගොඩ කරපු පෝට් සිටි එක, ඇමරිකාණු ඩොලර් බිලියන 1.4 යි. මේ දෙකම 2.8 යි, අනෙක් මොනවද විකුණන්නේ 36 ක් ගෙවන්න .ඒකට ක්‍රමවේදයක් කථා කරගන්න ඕන.මුදල් අමාත්‍යංශය, මහ බැංකුව ලෝකය පුරාම ගිහින් මේ ණයකාරයෝ එක්ක කථා කරනවා මේක ප්‍රතිව්‍යූහගතකරණය කරන්න”ඇමති වරයා කීය.

කාලීන පුවත්