ණය ඉල්ලන්න මුදල් ඇමති ඉන්දියා යෑමට සැරසෙයි.

ශ්‍රී ලංකාවට ඉදිරියේ දීත් ණය ආධාර ලබා දෙන බවට ඉන්දීය විදේශ කටයුතු ඇමති ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා පොරොන්දු වී ඇති බැවින් ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා මේ මස මැද භාගයේදී ඒ උදෙසා ඉන්දියාවේ සංචාරයක නිරත වන බව ඉන්දීය මහ කොමසාරිස් කා්ර්යාලය නිවේදනය කොට තිබේ. .රාජපක්‍ෂ මහතා ජයශංකර් මහතා සමග පසුගියදා සිදු කළ දුරකථන සංවාදයක නිරත වෙමින් මෙම ණය ගනුදෙනුව පිළිබඳව සාකච්ඡා කොට තිබේ. සංචාරය සඳහා සුදුසු දිනයක් පිළිබඳව ඉදිරියේදී අවසන් තීරණයකට එළඹීමට නියමිත අතර මෙම ණය වර ලබා ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව ශ්‍රී ලංකාවට ඉදිරිපත් කරන ණය කොන්දේසි මොනවා දැයි මෙතෙක් අනාවරණය වී නැත.

කාලීන පුවත්