තද වැසි ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ජනතාව ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඊසාන දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන්, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළ තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව සඳහන්.

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

කාලීන පුවත්