තද වැසි සුළං සමඟ අකුණු

මේ වන විට සක්‍රිය වී ඇති පූර්ව මෝසම් කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් තද වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද ( 19 ) දිනය සඳහා වලංගු වන පරිදි නවතම කාලගුණ නිවේදනයේ සඳහන් කර තිබේ.ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි සමඟ අකුණු සහ තද සුළං ද ඇතිවිය හැකි බව එහි සඳහන් වේ.

කාලීන පුවත්