රුපියල් මිලියන 650ක වියදමින් ඉදිකළ පොළොන්නරුව, තමන්කඩුව පුලතිසි සමුපකාර කිරි නිෂ්පාදන කම්හල කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. ජනතාවට නැවුම් කිරි ලබා දීමේ මූලික පරමාර්ථයෙන් ඉදිකළ මේ කම්හල විවෘත කිරීමේ අවස්ථාවට මෙරට ප්‍රංශ තානාපති Jean Francois Pactet මහතා ද ආරාධිතයකු ලෙස එක්ව සිටියේය.
ඇමැති මහින්ද අමරවීර මහතාගේ සංකල්පයක් පරිදි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් ප්‍රංශ රජයේ මූල්‍ය පහසුකම් යටතේ ප්‍රාදේශීය කිරි නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථාන 06ක් ඉදි කිරීමේ ව්‍යාපෘතියේ තුන්වැනි කිරි නිෂ්පාදන කර්මාන්ත ශාලාව මෙය වේ.
කිරි ගොවීන් 8000ක් විසින් නිෂ්පාදනය කරන කිරි මේ කර්මාන්ත ශාලාවෙන් මිල දී ගන්නා අතර, තමන්කඩුව කිරි නිෂ්පාදන ගොවි සමුපකාර සමිතියෙන් මෙහි නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යයි.