තමන්ගේ තරමට ඉන්ධන පාවිච්චි කරන්න

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක ඩීසල් මිල හා පෙට්‍රල් මිල වැඩි කළ යුතු බව කර්මාන්ත අමාත්‍ය එස්.බී දිසානායක පවසයි.ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ එසේ වැඩිවන ඉන්ධන මිල අනුව තමන්ගේ ආදායමට සරිලන පරිදි ඉන්ධන භාවිතා කිරීම ජනතාව ගේ වගකීමක් බව ය. පසුගිය කාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකුව සිටියදී මාධ්‍යවේදියකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කොවිඩ් අරමුදලට පරිත්‍යාග කිරීමට තරම් වැටුපක් තමන්ට ලැබෙන්නේ නැති බව කියා සිටි එස්.බී. දිසානායක මහතා තම මුලු වැටුපම ණය වාරික සඳහා බැංකු වලට කැපෙන බැවින් ජීවත්වන්නේ ද බිරිඳගේ වැටුපෙන් බව ද පැවසීය.තමන් රු. ලක්ෂ 300 ක් බැංකුවලට ණය වූ බැවින් ඒ සඳහා මන්ත්‍රී වැටුප සම්පූර්ණයෙන්ම කැපෙන බව කී දිසානායක මහතා තමන් හැමදාම ජීවත් වූයේ ගොවිතැනින් බව ද එහි දී කියා සිටියේය.

කාලීන පුවත්