තරුණ ප්‍රජාව අතර කොවිඩ් එන්නත් ලබා ගැනීමේ අඩුවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. විවිධ දුර්මත හා වැරදි අවබෝධය මීට හේතු වී ඇත. එන්නත්කරණ ක්‍රියාවලිය මේ වනවිට සාර්ථකව සිදු කෙරේ. මෙරට ජනගහනයෙන් සියයට 70 ක් ඉක්මවා පළමු මාත්‍රාව හෝ ලබා ගෙන ඇත. මාත්‍රා දෙකම ලබා ගෙන ඇති සංඛ්‍යාව සියයට 60 ඉක්මවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලත් එන්නත් පමණක් ජනතාවට ලබා දෙන බව ඔහු අවධාරණය කරයි.