ශ්‍රී ලාංකිකයන් පිරිස මුදාගැනීමට මියන්මාර තානාපති කාර්යාලයේ සහාය ලබාගැනීම සඳහා ක්‍රියාකාරීව කටයුතු කරන බව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම තත්ත්වය 2022 වසරේ සිට පවතින ගැටලුවක් බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරයි.
මියන්මාර රජය සමග එක්ව කටයුතු කරමින් මීට පෙර අවස්ථාවන්හිදී වරින් වර ලාංකිකයින් 32 දෙදෙනෙකු බේරාගැනීමට හැකිවූ බව ද එම ලිපිය මඟින් අවධාරණය කර තිබේ.
මේ අතර, මියන්මාර ත්‍රස්ත ග්‍රහණයේ සයිබර් අපරාධ කලාපයේ රඳවා සිටින ශ්‍රී ලාංකිකයින් මුදාගැනීම පහසු කාර්යක් නොවන බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර පවසයි.
නවතම තොරතුරු අනුව ශ්‍රී ලාංකිකයින් 56 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට එම ත්‍රස්ත ග්‍රහණයේ පසුවන බව තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.