ත්‍රස්ත පනත  ජාත්‍යන්තර ප්‍රතිඥාවට සම්පූර්ණයෙන් පටහැනියි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කර පෙලපාලි, අරගලවලට සම්බන්ධ පුද්ගලයන් දින 90ක් රඳවා ගැනීම ජාත්‍යන්තරයට දී ඇති ප්‍රතිඥාවට සම්පූර්ණ පටහැනි බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් මෙරටට පැමිණ සාකච්ඡා පවත්වන අවස්ථාවක මෙරට මානව හිමිකම් තත්වය විවේචනයට ලක්වෙමින් තිබීම එම අරමුදලේ සහය ඇතුළු රටට අවශ්‍ය ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීමේ ප්‍රයත්නයට බාධාවක් බවත් ශ්‍රී ලංකා පෙරමුණේ ප්‍රතිසංස්කරණ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ඊයේ (24) පැවසීය ඒ වෙනුවට නව පනතක් ගෙනඑන තුරු දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක නොකරන බවට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාවට පොරොන්දු වී ඇති බවත්, එම පොරොන්දුව කඩකිරීම ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සහය ලබාගැනීමේ ක්‍රියාවලියට බාධාවක් විය හැකි බවත් මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.

කාලීන පුවත්