තාප කම්පන මරණ දෙකක්

මේ තාක් අප ජන සමාජයේ බොහෝ දෙනකුගේ අවධානයට යොමු වී නොමැති තාප කම්පන(Heat stroke ) තත්වය නිසා අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇති බව වාර්තා වේ. මොවුන් අතුරින් එක් අයකු අවුරුදු උත්සවය කඹ ඇදීමේ තරඟයකින් තෙහෙට්ටුවට පත්ව අයිස් වතුර හිසට වත් කර ගැනීමෙන් පසු මිය ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා මධ්‍යාහ්නයේ තණකොළ කැපීමට කුඹුරට ගොස් පැමිණ දැඩි උෂ්ණය දරාගත නොහැකිව දිය නෑමෙන් පසුව මියගොස් ඇති බව අනාවරණය වේ.ඒ සම්බන්ධයෙන් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණවලදී මොළයේ සියුම් නහර පුපුරා තිබීම ආදී බහු විධ සාධක මඟින් හෙළි වී ඇත්තේ අධික උෂ්ණත්වය නිසා හටගත් තාප කම්පන තත්වය මත මෙම මරණ සිදුව ඇති බවයි. මෙසේ මියගොස් ඇති පුද්ගලයන් දෙදෙනා වයස අවුරුදු 34 සහ 38 යන වයස් කාණ්ඩ වලට අයත් වූවෝ වෙති.

කාලීන පුවත්