තායිවානයේ ප්‍රබල භූ කම්පනයක්

තායිවාන දූපතට ඔබ්බෙන් මුහුදේ රික්ටර් පරිමාණයේ ඒකක 7.2 ක් ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවක් හටගෙන තිබේ. භූමි කම්පාවේ ප්‍රබලත්වය සැලකිල්ලට ගනිමින් සුනාමි අනතුරු ඇගවීම් ද නිකුත් කෙරුණි.

ජපානයේ ඔකිනාවා ප්‍රන්තයට සුනාමී අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සුනාමි මුහුදු රළ මීටරයක් පමණ උසට එසවිය හැකි බවත් එම නිසා ප්‍රදේශයේ ජනතාවට උස් බිම්වලට ගොස් ආරක්ෂාකරි ලෙස සිටින ලෙස දැනුම් දී ඇත.

භූමි කම්පාවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවී ඇති බවත්, මහල් නිවාස ගොඩනැගිලි දෙකක් මුළුමනින්ම බිමට කඩා වැටී ඇති බවත් වාර්තා වේ. තුවාල ලැබූවන් ගැන හෝ මියගිය පුද්ගලයන් ගැන හෝ මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නැත.

කාලීන පුවත්