හෙට (15) සිට තැපැල් ගාස්තු සංශෝධනය කෙරෙන බව සඳහන් ගැසට් නිවේදනය නිකුත් කොට තිබේ.මෙම සංශෝධනයට අනුව රුපියල් 15ක් වන සාමාන්‍ය ලිපියක් සදහා වන තැපැල් ගාස්තුව රුපියල් 50ක් දක්වා ඉහළ නැංවෙන අතර ලියාපදිංචි තැපැල් ගාස්තුව රුපියල් 45 සිට රුපියල් 110ක් දක්වා ද තැපැල් මඟින් භාණ්ඩ ප්‍රවාහන ගාස්තුව ද බර ග්‍රෑම් 250ක් දක්වා රුපියල් 200ක් දක්වා ඉහළ දමා තිබේ.මීට අමතරව තවත් තැපැල් ගාස්තු කිහිපයක් සඳහා වන මිල පහළ දමන අතර එම ගාස්තු ප්‍රකාශයට පත්කොට ඇත.