තැපැල් ඡන්ද අයදුම්පත් 36,000ක් ප්‍රතික්ෂේප වෙයි

පළාත් පාලන මැතිවරණය සඳහා ලැබී ඇති තැපැල් ඡන්ද අයදුම්පත්‍ර සංඛ්‍යාවෙන් 36,000 ක් විවිධ දෝෂ හේතුවෙන් ප්‍රතික්ෂේපවී ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

පලාත් පාලන ඡන්දයේ තැපැල් ඡන්ද තම සේවා ස්ථානවලදී ලබන 22, 23 සහ 24 යන දිනවල සලකුණු කිරීමට හැකියාව ඇති බවත් යම් හෙයකින් එම දින තුනේදී තමන්ගේ ඡන්ද ඡන්දය සලකුණු කිරීමට නොහැකිවුවහොත් තම ආයතනය පිහිටි දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරියා ඉදිරියේ තැපැල් ඡන්දය සලකුණු කිරීමට හැකියාව ඇති බවත් ඔහු සඳහන් කළේය.

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මහ භාණ්ඩාගාරයෙන් මැතිවරණ කොමිසමට රුපියල් කෝටි දහයක මුදලක් ලැබී ඇතැයිද ඔහු සඳහන් කළේය.

 

කාලීන පුවත්