2024 ජනාධිපතිවරණයට අදාළ පිළිගත් තැපැල් ඡන්ද අයදුම්පත් සංඛ්‍යාව සහ දිස්ත්‍රික්ක සම්බන්ධයෙන් විස්තරයක් ඇතුළත් නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇත.
ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පුද්ගලයන් 712,319 දෙනෙක් සුදුසුකම් ලබා තිබේ.මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ ඉන් වැඩිම සංඛ්‍යාවක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි.
එම සංඛ්‍යාව දැක්වෙන්නේ 76,997ක් ලෙසයි.