තැපැල් සේවක නිවාඩු අවලංගුයි – තැපැල්පති

තැපැල් දෙපාර්තමේන්තුවේ සමස්ත සේවක කාර්ය මණ්ඩලවල නිවාඩු අද (08), හෙට (09) සහ අනිද්දා (10) දිනවල අවලංගු කර ඇතැයි තැපැල්පති එස්.ආර්.ඩබ්ලිව්.එම්.පී. සත්කුමාර මහතා පවසයි.

එම නිසා යෝජිත තුන් දින සංකේත වැඩවර්ජන ක්‍රියාමාර්ගයෙන් බැහැරව සුපුරුදු පරිදි සේවයට වාර්තා කළ යුතු බව ද තැපැල්පතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

තැපැල් දෙපාර්තමේන්තුව සතු කිසිදු තැපැල් කාර්යාලයක් වසා දැමීමට කටයුතු නොකරන බවත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැඟිල්ල රජයේ ප්‍රතිපත්තියට අනුව වඩාත් ඵලදායී ආයෝජන අවස්ථාවකට ඉඩ දීම හේතුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය වෙත භාර දීමට ජනාධිපති ලේකම්වරයා වෙත දන්වා ඇති බවත් හෙතෙම කියයි.

කාලීන පුවත්