තුර්කියේ භූමි කම්පන වලින් අතුරුදන් ශ්‍රී ලංකික කතගේ දේහය හමුවෙයි

තුර්කියේ හටගත් භූමි කම්පන හේතුවෙන් අතුරුදන් වනු ලදුව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට තොරතුරු සොයා ගැනීමට නොහැකිව සිටි ශ්‍රී ලංකික කාන්තාව මියගොස් ඇති බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්ති දිසානායක මහත්මිය අද(12) තහවුරු කළාය.එම කාන්තාව පදිංචි වී සිටි ගොඩනැගිල්ල භූමි කම්පාව හේතුවෙන් කඩා වැටී තිබූ අතර සුන්බුන් මුදවා ගැනීමේ කණ්ඩායම් විසින් ඉවත් කිරීමෙන් පසු ඇයගේ මළ සිරුර සොයාගත් බව තහවුරු වූ බව දිසානායක මහත්මිය කීවාය මියගිය කාන්තාව වයස අවුරුදු 64 ක තැනැත්තියක බවත් සිරුර සොයා ගන්නා අවස්ථාවේදී ඇයගේ දියණිය සහ කන්‍යා සොයුරියක එම ස්ථානයේ සිටි බවත් දියණිය විසින් තම මවගේ දේහය හඳුනාගත් බවත් දිසානායක මහත්මිය ප්‍රකාශ කළාය.මේ අතර භූමිකම්පා වලින් හානියට පත් ගොඩනැගිලි වල ගලවා ගැනීමේ සහ සහන සේවා මෙහෙයුම් වල යෙදී සිටින පිරිස් ද විවිධ අනතුරු වලට ලක් වන බව විදෙස් ජන මාධ්‍ය වාර්තා කොට ඇත.

කාලීන පුවත්