තුර්කි භූමිකම්පාවෙන් 11,719 මියගිය බවට වාර්තා

තුර්කියේ හටගත් භූමිකම්පා හේතුවෙන් මේ වන පුද්ගලයන් 11,719 දෙනෙකු මිය ගොස් ඇති බව නිල වශයෙන් අනාවරණය වී තිබේ.ඒ අතර තවත් දස දහස් ගණනක් තුවාල ලබා ඇත. ගොඩනැගිලි දහස් ගණනක් ද සුන්බුන් බවට පත් වී ඇත.එම සුන්බුන් අතරේ තවත් සැලකිය යුතු මළ සිරුරු ප්‍රමාණයක් තිබිය හැකි බවට අනුමාන කෙරේ.මේ අතර දහස් ගණනක දෙස් විදෙස් සහන සේවා කණ්ඩායම් සුන්බුන් ඉවත් කිරීමේ යෙදී හිඳින අතර ශ්‍රී ලංකාවෙන් ද වෛද්‍ය හා ඉංජිනේරු කාර්‍ය මණ්ඩල සහිත තුන් සියයකගෙන් සමන්විත හමුදා කණ්ඩායමක් ඒ සඳහා සූදානම් කොට ඇතත් තුර්කියෙන් මේ තාක් ඒ සඳහා ඇරයුම් ලැබී නැත.

කාලීන පුවත්