තේරීම් භාර නිලධාරීන්ට යැවූ ලිපිය යළි ගෙන්වා ගත්තේ එය වැරදි තීරණයක් බව වැටහුණු නිසයි

කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇප මුදල් භාරගැනීම අත්හිටුවන්නැයි තමන් දිස්ත්‍රික් ලේකම් වරුන් ඇතුළු තේරීම් භාර නිලධාරීන් වෙත යොමු කළ ලිපිය නැවත පැයක් ඇතුළත ආපසු කැඳවා ගන්නා ලද්දේ එය තමන් විසින් ගන්නා ලද වැරදි තීරණයක් බව වැටහුණු නිසා බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා පවසා තිබේ.ඒ එම කරුණ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ඔහු මැතිවරණ කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදීයි. එහිදී ඔහු පවසා ඇත්තේ තේරීම් භාර නිලධාරීන්ට යැවූ අදාළ ලිපිය පැයක් ඇතුළත ආපසු කැඳවීමෙන් පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇප මුදල් භාරගැනීමට කිසිදු බලපෑමක් සිදු නොවූ මුත් ඉන් මැතිවරණ කොමිසමට යම් අපහසුතාවයක් සිදුවූයේ නම් ඊට සමාව ඉල්ලා සිටින බවයි.

කාලීන පුවත්