තේ නියැයුම සහ අපනයනය පහළ බසී

2021 වසරට සාපේක්ෂව ජනවාරි මාසයේ මෙරට තේ නිෂ්පාදනය ජනවාරි මාසයේදී කිලෝග්‍රෑම් මිලියන 22.82 දක්වා පහත වැටී ඇති අතර මෙරට තේ අපනයනය සියයට 6.91 කින් පහත වැටී ඇතැයි වාර්තා වෙයි.ඒ අනුව පසුගිය වසරේ ජනවාරි මාසයේ තිබූ කිලෝග්‍රෑම් මිලියන 20.82ක අපනයනය මේ වසරේ ජනවාරි මාසයේදී 19.38 දක්වා අඩුවී ඇති බව Ceylon tea brokers PLC ආයතනය සඳහන් කරයි.නමුදු තේ කිලෝග්‍රෑමයක් සඳහා 2021 ජනවාරියේ පැවති ඩොලර් 3 යි ශත 30ක සාමාන්‍ය මිල මේ වසරේ ජනවාරියේදී ඩොලර් 3 ශත 50 දක්වා ඉහළ ගොස් ඇති බව ද ඔවුන්ගේ වාර්තා වල සඳහන් ය.මෙම නිෂ්පාදන සහ අපනයනය පහත වැටීමට පොහොර අර්බුදය ද සෘජුවම බල පා ඇතැයි තේ වගා කරුවෝ කියති.

කාලීන පුවත්