තේ වගාව සඳහා අවශ්‍ය රසායනික පොහොර ආනයනයට පියවර ගෙන ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.රසායනික පොහොර නොමැති වීම හේතුවෙන් තේ ගොවියන් පත්ව ඇති දුෂ්කරතා පිළිබඳ සමගි ජන බලවේගයේ ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා විමසා සිටි අවස්ථාවේ ඊට ප්‍රතිචාර දක්වමින් රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කළේය.අමාත්‍යවරයා තව දුරටත් කියා සිටියේ ගිය වසරට සාපේක්ෂව මෙම වසරේ තේ කිලෝ මිලියන 30ක් වැඩිපුර අපේක්ෂා කෙරෙන බවයි.පසුගිය වසරේ තේ කිලෝ මිලියන 280ක් නිෂ්පාදනය කර ඇති අතර මෙම වසරේ මේ වන විටත් එම ප්‍රමාණය ඉක්මවා ගොස් ඇති බව ද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.නමුදු තේ වගාව සඳහා යොදන රසායනික පොහොර නොමැති වීමත් සමඟ දළු අස්වැන්න ඉතිහාසයේ මින් පෙර නොවූ අයුරින් පහළ වැටුණු බව තේ වගා කරුවෝ පවසති. ගෙන ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.රසායනික පොහොර නොමැති වීම හේතුවෙන් තේ ගොවියන් පත්ව ඇති දුෂ්කරතා පිළිබඳ සමගි ජන බලවේගයේ ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා විමසා සිටි අවස්ථාවේ ඊට ප්‍රතිචාර දක්වමින් රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කළේය.අමාත්‍යවරයා තව දුරටත් කියා සිටියේ ගිය වසරට සාපේක්ෂව මෙම වසරේ තේ කිලෝ මිලියන 30ක් වැඩිපුර අපේක්ෂා කෙරෙන බවයි.පසුගිය වසරේ තේ කිලෝ මිලියන 280ක් නිෂ්පාදනය කර ඇති අතර මෙම වසරේ මේ වන විටත් එම ප්‍රමාණය ඉක්මවා ගොස් ඇති බව ද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය..නමුදු තේ වගාව සඳහා යොදන රසායනික පොහොර නොමැති වීමත් සමඟ දළු අස්වැන්න ඉතිහාසයේ මින් පෙර නොවූ අයුරින් පහළ වැටුණු බව තේ වගා කරුවෝ පවසති.