තෛපොංගල් අදයි

දමිළ හින්දු බැතිමතුන් තම දිවි පෙවෙතේ සෞභාග්‍ය අරමුණු කරගත් වාර්ෂික අස්වනු මංගල්‍යය තෛපොංගල් අද(15)යෙදී තිබේ. මෙය වැඩි අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් හිරු දෙවියන්ට ස්තුති කිරීම අරමුණු කරගත් වසර දහසක අතීතයේ සිට පැවත එන දමිළ සංස්කෘතික උත්සව වලින් එකකි. මෙම උත්සවයේදී විශේෂිත භෝජන සංග්‍රහ පැවැත්වීම, නෑදෑයන් බලන්නට යෑම, තෑගි භෝග හුවමාරුවද සිදුවේ. මට්ටු පොන්ගල් නම් වන තෛපොංගල් උත්සවයේ දෙවන දිනය කුඹූරු වැඩට උදවු කළ ගවයින්ට කෘතවේදීත්වය දැක්වීමට යොදා ගැනෙයි. මෙම මට්ටු පොන්ගල් දිනයේදී, ගොනුන් නාවා පිරිසිදු කර විසිතුරු මල් මාලා වලින් ඔවුන් ගේ ගෙළ සහ අං සරසන අතර ඔවුන්ගේ නළලේ හා අං වල විසිතුරු වර්ණ වලින් තිත් ඇඳ සැරසීමේ චාරිත්‍රයක් තිබේ.වාර්ෂික අස්වනු මංගල්‍යය මුල් කොට ගොවිතැනට මහෝපාකාරී වූ ගවයන්ට තුති පිදීම දමිළ හින්දු බැතිමතුන් ගේ උතුම් මිනිසත් බව හුවා දක්වන්නක් බවට සැක නැත.

කාලීන පුවත්