දක්ෂිණ අධිවේගයේ දැඩි මීදුමක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි මීදුම් සහිත තත්ත්වයක් පවතින බව පොලීසිය නිවේදනය කරයි.

මේ හේතුවෙන් වැලිපැන්න පිවිසුමත් පින්නදූව පිවිසුමත් අතර මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට විමසිලිමත්ව රිය ධාවනය කරන ලෙස පොලීසිය දැනුම් දෙයි.

අධික වේගයෙන් රථවාහන ධාවනය නොකරන ලෙසට ද පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

කාලීන පුවත්