දයාසිරි ගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

තමන් ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අත්හිටුවමින් හිටපු ජනපති, පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය 5 දින නිකුත් කළ ලිපිය ක්‍රියාත්මක කිරීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී, පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය ඊයේ (8) ප්‍රතික්ෂේප කරන ලදී.එම වාරණ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ප්‍රකාශ කළේ පක්ෂ ව්‍යවස්ථාව අනුව සාමාජිකයකු සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමේ බලය පක්ෂයේ සභාපතිවරයා සතු බවයි.නමුත් පැමිණිලිකාර දයාසිරි ජයසේකර මහතා මෙතෙක් හෙබවූ මහලේකම් ධුරයට පත් කර ඇති සරත් ඒකනායක මහතා එම ධුරයේ කටයුතු කිරීම වළක්වමින් වාරණයක් නිකුත් කිරීමට නියෝග කළ දිසා විනිසුරුවරයා මහලේකම් ධුරය පත් කළ යුත්තේ සභාපති වරයා විසින් නොව පක්ෂ මධ්‍යම කාරක සභාව මගින් බව ප්‍රකාශ කොට ඇත. මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයට පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් කෙනකු පත් කරන තෙක් හිස්ව පවතින බවද විනිසුරුවරයා ප්‍රකාශ කොට තිබේ.

කාලීන පුවත්