දරුවන් අසනීප නම් පාසල් එවන්න එපා!

දරුවන් තුළ යම් යම් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් හෝ දරුවන් කිසියම් අසනීප තත්ත්වයකින් පසුවන්නේ නම් හෙට(24) සිට පාසලට එවීමෙන් වැළකී සිටින ලෙස සෞඛ්‍ය අංශ දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටී.එමෙන්ම ඒ සම්බන්ධයෙන් ගුරු දෙගුරුන් නිරන්තර අවධානයෙන් පසුවිය යුතු බවත් නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් පාසලේදී කටයුතු කළයුතු ආකාරය පිළිබඳව දරුවන් දැනුවත් කිරීම ගුරු දෙගුරුන් ගේ වගකීමක් බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

කාලීන පුවත්