ද්විත්ව පුරවැසියකු මුදල් ඇමති වී රටේ ආර්ථිකය විනාශ කළා

ද්විත්ව පුරවැසි භාවය ඇති පුද්ගලයකු පාර්ලිමේන්තුවට පත් වී පැමිණ මුදල් අමාත්‍යංශයත් භාර ගෙන රටේ ආර්ථිකය විනාශ කිරීමට විශාල වශයෙන් දායක වූ බැවින්. එය නිවැරදි කර ගැනීම සඳහා තමන් නව අගමැතිවරයෙකු යටතේ තමන් රජයට එක් වූ නමුත් විසි එක්වන ව්‍යස්ථා සංශෝධනයට එරෙහිව ඇතැමුන් තමන්ට තර්ජනය කරන බවත් බිය ගැන්වීමට සැරසෙන බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ඇති අවස්ථාව අහිමි කළ යුත්තේ ප්‍රතිපත්තියක් හැටියට බව ද පැවසූ රාජපක්ෂ මහතා දැන් පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසියා නිසා රටේ ආර්ථිකය විනාශ වු බවත් ඔහු මුදල් ඇමතිකම ගෙන බොරු අයවැය ඉදිරිපත් කළ බවත් සඳහන් කළේය.
මුළු ලෝකයම ඔහු ලෝකයේම සිටින දූෂිත පුද්ගලයෙකු බව පිළිගන්නා බව ද හෙතෙම පැවසීය.”අපි 21 සම්මත කරගෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර රටේ ජනතාවගේ පූර්ණ ආරක්ෂාව සහිත නව ව්‍යවස්ථාවක් සම්මත කරගත යුතුයි. ජනතාවගේ අදහස් වලටත් වලටත් ගරු කරමින් . අපි 21 ගෙන ඒමට කිසිසේත් කල් මරන්නේ නැහැ”යනුවෙන් ද ඒ මහතා කීය. 21 වන වන සංශෝධනය සම්බන්ධයෙන් මහනාහිමිවරුන් දැනුවත් කිරීම සඳහා මහනුවර අස්ගිරි මල්වතු විහාර වලට ගිය අවස්ථාවේ හෙතෙම මේ බව කියා සිටියේ මාධ්‍යවේදීන් අමතමිනි.

කාලීන පුවත්