ද්විත්ව පුරවැසි බව ඇතිව ශ්‍රී ලංකාවේ ජොලියට වැඩ කරන අය ඉල්ලා අස් විය යුතුයි

ද්විත්ව පුරවැසි බව ඇතිව ශ්‍රී ලංකාවේ ජොලියට වැඩ කරන අය ඉල්ලා අස් විය යුතුයි 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම හේතුවෙන් ද්විත්ව පුරවැසිභාවය සහිතව ශ්‍රී ලංකාවේ ජොලියට වැඩ කරන පුද්ගලයන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීධුර දැරිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.ඒ අනුව පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් දස දෙනකුගේ මන්ත්‍රී ධුරයන් අහෝසි වන නිසා නම්බුකාර ලෙස ඉල්ලා අස්වන්නැයිද ඔහු ඉල්ලා සිටී.එමෙන්ම රජයේ ඉහළ තනතුරු දරණ ඇතැම් ද්විත්ව පුරවැසියන්ට ද මෙය තීරණයක් ගැනීම සඳහා අවස්ථාවක් බව ද ඔහු පවසයි.

කාලීන පුවත්