දැන් එජාපයට එක් ව සිටින එවක ජවිපෙ සන්නද්ධ අංශ නායකයකු වූ නන්දන ගුණතිලක කියන අලුත්ම කතාව

vinivida

“87 – 90 ජවිපෙන් කළ සියලු ඝාතන වලට මා ඇතුළු එවකට අවි දැරූ සියල්ලන්ට දඬුවම් කරණු..!!!” මැයෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම් වරයකු ,දේශපාලන මණ්ඩල සභිකයකු හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක සියෆේස් බුක් ගිනුමේ තැබූ සටහනක් සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුව තිබේ.බටලන්ද කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තු සභාගත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව ප්‍රසිද්ධ වීමත් සමඟ ඔහු මෙම සටහන තබා ඇත.මෙහි වඩාත් සුවිශේෂ කරුණ වන්නේ නන්දන ගුණතිලක ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සාමාජිකයකු සහ 1994 වසරේ එහි ජනාධිපති අපේක්ෂකයා පමණක් නොව, 88-89 අවධියේ ජවිපෙ සන්නද්ධ අංශ නායකයකු ලෙසද ප්‍රසිද්ධව තිබීම ය.මේ අතර ඇතැම් ආරංචි මාර්ග වලට අනුව ඔහු ජනතා විමුක්ති පෙරමුණ අභ්‍යන්තරයේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට අයත් නොවන බෝල්ෂෙවික් පක්ෂයේ ද ප්‍රබල භූමිකාවක් දරා තිබේ.නමුත් පසුව ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී මාවතට ගෙන ඒම සම්බන්ධයෙන් පුරෝගාමී මෙහෙවරක යෙදුණු ඔහු 2004 ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එක්සත් ජනතා සන්ධානයට සම්බන්ධ වූයේ එහි සභාපති පදවිය ද හිමි කර ගනිමිනි.පසුව ජනතා විමුක්ති පෙරමුණ හා ඇති කර ගත් මත ගැටුමක් මත් ඉන් ඉවත් වූ ඔහු 2008 මැයි 14 වන දා පිහිටුවන ලද ජාතික නිදහස් පෙරමුණට එක් ව තිබේ. ඉනික්බිතිව 2015 වසරේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වන නන්දන ගුණතිලක එක්සත් ජනතා සන්ධාන රජය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු ලෙස හා ඉකුත් යහපාලන රජය යටතේ හා පානදුර නගරාධිපති වරයා ලෙස කටයුතු කොට තිබේ. නන්දන ගුණතිලක මෙවර පලාත් පාලන ඡන්දය සඳහා නාම යෝජනා භාරදීමට පානදුර නගර සභාවට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වේදීන් හමුවේ සිදු කොට ඇති සම්පූර්ණ ප්‍රකාශය මෙසේ ය.

මේ දැන් අවුරුදු තිස් ගාණකට විතර ඉස්සර වෙච්ච සිද්ධි සහ ඊට පසුව 94 පසුව චන්ද්‍රිකා නෝනා පත් කරපු කොමිෂන් සභාවේ වාර්තාව ඔය ඉදිරිපත් කරල තියෙන්නෙ. ඔයිට ඉස්සරලත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු වාර්තාවක්නෙ ඔය. ඒක අදාල වෙනව ඇති මාලිමාවට. මොකද ඒගොල්ල ඒක පාවිච්චි කරල ඡන්ද ටික හදාගන්න පුළුවන්ද කියල තමයි මේ බලන්නෙ. හැබැයි මං හිතන්නෙ නෑ. ඒගොල්ලන්ට ඔය ඡන්දෙ දුන්නෙත් ඔය පරණ කෑලි අල්ලගෙන නෙමෙයි මේ මිනිස්සු පරණ දෙගොල්ලම හරියට කළේ නෑ කියල හිතාගෙනනෙ ඔය දැන් දුන්නෙ. අවුරුදු 76 ක් මේ රට කාල කියලනෙ ඔය දුන්නෙ. ඉතින් අවුරුදු 76 ක් රට කෑවනම් මේ ගොඩනැගිල්ලවත් මෙතන තියෙන්න බෑ. අපේ සෞඛ්‍ය පද්ධතිය, අපේ අධ්‍යාපන පද්ධතිය, අපේ විදුලිබල පද්ධතිය මේ තරම් දියුණු තැනක තියෙන්න බෑ. අවුරුදු 76 ක් රට කෑව නම් හොරකම් කරපු මිනිස්සු ටිකක් ඉන්නව. හැබැයි ඒකෙන් කියෙවෙන් නෑ පහුගිය ආණ්ඩු ඔක්කොම මේ හොරකම් කළා කියල. රට කෑව කියල. 

“2010 ෆොන්සේකා මහත්තයා දිනවන්න ජේ. වී. පී. එක රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ කරේ අත දාගෙන රට පුරාම ගියා. එතකොට බටලන්ද කොහෙද? තිබුණෙ. 2015 ආවම මෛත්‍රීව දිනවන්න ජනතා විමුක්ති පෙරමුණ වැඩකරන කොටත් බටලන්දක් තිබුණෙ නෑ; ඔය කිසිම අතරමැදක.දැන් මමත් හිටියනෙ ඒ කාලෙ ජනතා විමුක්ති පෙරමුණේ. 1994 පස්සෙ තමයි විවෘත දේශපාලනයට එන්න පුළුවන්කම ලැබුණෙ. ඒගොල්ලනුත් සමහර විට ඒ තිබුණ ආණ්ඩුත් ස්වයං විවේචනය කරගෙන මේ ගොල්ලන්ට එන්නට ඉඩ හරින්න ඕන කියලත් හිතන්නට ඇති. කොහොම වුණත් ඒක ඇතුලෙ අපිටත් එළියට එන්නට පොළොව යට ඉඳල; කැලේ ඉඳලා එළියට එන්නට ඕනකම තිබුණ. ඉතින් ඒ අවස්ථාව අපට දුන්න ඇත්තටම. අපිව අත්අඩංගුවට ගන්න ගියෙ නෑනේ. ඩී. බී. විජේතුංග මහත්තයා අපි එළියට එනකොට අපිව අත්අඩංගුවට ගත්තෙ නෑ. අපි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට නැවත එන එක හොඳයි කියන පදනමෙන් තමයි 94 ඡන්දෙදි අපිට එළියට ඇවිල්ල වැඩකරන්න පුළුවන් වුණේ. මම එතකොට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්. මං හිතන්නෙ දෙපැත්තම අඩිය පස්සට අරගෙන යම් සමාදානයකට ආපු නිසා තමයි එතැන් සිට ජනතා විමුක්ති පෙරමුණට නැවත එළිමහනේ දේශපාලනය කරන්න පුළුවන්කම ලැබුණෙ. ඉතින් ඒ නිසා තමයි ජනතා විමුක්ති පෙරමුණට මේ තත්ත්වය ආරක්ෂා කරගෙන ඉස්සරහට එන්න පුළුවන් වුණේ. නැත්නම් අපිටත් සාක්ෂි තිබුණ ;එළියෙකන්දෙ ද? කොළඹ නීති පීඨයෙද? එහෙම නැත්නම් බටලන්දෙද?එහෙම නැත්නම් අනුරාධපුරේ ගොරකෑව කෑම්ප් එකේද? එහෙම නැත්නම් පානදුරේ පොලීසියෙද? ඒ මරපුවට අපි ළඟ ඔක්කොටම සාක්ෂි තිබුණ. ඒ සාක්ෂිත් අරගෙන අපි අධිකරණයට ගියෙ නෑනෙ; ජනතා විමුක්ති පෙරමුණ විදිහට. ඒ කාලෙ ඇයි අපිට ප්‍රජාතන්ත්‍ර ප්‍රවාහයට එන්න අවස්ථාව ලැබිල තිබුණ. ඔව් ඉතින් යුද්ධයක් කියල කියන්නෙ තේ පැන් සාදයක් නෙමෙයිනෙ. යුද්දෙකදි දෙගොල්ලො දෙපාර්ශවය ගහගන්නව, මරාගන්නව. එතකොට ඔය ඝාතන ඔය හැම පැත්තෙන්ම කළා. ආණ්ඩුවක් විදිහට තමන්ගෙ ආණ්ඩුව ආරක්ෂා කරගන්න තමන්ට ඡන්දෙ දීපු ඡන්ද දායකයා ආරක්ෂා කරගන්න රාජ්‍යය ආරක්ෂා කරගන්න ආණ්ඩුව කැරැලි කරුවන්ට එරෙහිව අවි පාවිච්චි කරනව. ඒක ලෝක ඉතිහාසයෙ ඕන තැනක වෙච්ච දේවල්. ඒ වගේම කැරැලි කරුවොත් සන්නද්ධව ආණ්ඩුවට එරෙහිව නැගී හිටියා. ඒ ගොල්ල අතිනුත් ඝාතන වුණා.ආණ්ඩුව අතිනුත් ඝාතන වුණා. එල්. ටී. ටී. එක පැත්තෙන් ගත්තත් ඝාතන වුණා. ඒක යුද්ධයෙ ස්වභාවය. ඒක තේ පැන් සාදයක් නෙමේ. යුද්ධය කියන්නෙ මරා ගන්න එක. ඉදිරියෙදි රූපවාහිනී වැඩසටහන්, පුවත්පත් සාකච්ඡා යම් ප්‍රමාණයක් මට එන්න කියල තියෙනව ඒ වගේ ඒවට. ඉතින් ඒවායින් මම තව දුරටත් පැහැදිලි කරනව. දැන් බටලන්ද කොමිෂන් සභාව සම්බන්ධව ප්‍රශ්නෙ ඒ වාර්තාව මේ මැතිවරණයට අදාල නෑනේ. ඒක මේ දැන් අවුරුදු තිස් ගාණකට විතර ඉස්සර වෙච්ච සිද්ධි සහ ඊට පසුව 94 පසුව චන්ද්‍රිකා නෝනා පත් කරපු කොමිෂන් සභාවේ වාර්තාව ඔය ඉදිරිපත් කරල තියෙන්නෙ. ඔයිට ඉස්සරලත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු වාර්තාවක්නෙ ඔය. ඒක අදාල වෙනව ඇති මාලිමාවට. මොකද ඒගොල්ල ඒක පාවිච්චි කරල ඡන්ද ටික හදාගන්න පුළුවන්ද කියල තමයි මේ බලන්නෙ. හැබැයි මං හිතන්නෙ නෑ. ඒගොල්ලන්ට ඔය ඡන්දෙ දුන්නෙත් ඔය පරණ කෑලි අල්ලගෙන නෙමෙයි මේ මිනිස්සු පරණ දෙගොල්ලම හරියට කළේ නෑ කියල හිතාගෙනනෙ ඔය දැන් දුන්නෙ. අවුරුදු 76 ක් මේ රට කාල කියලනෙ ඔය දුන්නෙ. ඉතින් අවුරුදු 76 ක් රට කෑවනම් මේ ගොඩනැගිල්ලවත් මෙතන තියෙන්න බෑ. අපේ සෞඛ්‍ය පද්ධතිය, අපේ අධ්‍යාපන පද්ධතිය, අපේ විදුලිබල පද්ධතිය මේ තරම් දියුණු තැනක තියෙන්න බෑ. අවුරුදු 76 ක් රට කෑව නම් හොරකම් කරපු මිනිස්සු ටිකක් ඉන්නව. හැබැයි ඒකෙන් කියෙවෙන් නෑ පහුගිය ආණ්ඩු ඔක්කොම මේ හොරකම් කළා කියල. රට කෑව කියල. රට කෑවනම් පාසල් දහ දාහක් තියෙන්න බෑ. අද වෙන කොට .පෞද්ගලික පාසල් පද්ධතියක් තියෙන්න බෑ. පෞද්ගලික විශ්ව විද්‍යාල පද්ධතියක් තියෙන්න බෑ රජයෙ විශ්ව විද්‍යාල දහ නවයක් තියෙන්න බෑ. 99% කටම ගෙවල් වල විදුලිය තියෙන්න බෑ.දැන් අද තොවිල් පවිල් නැත්තෙ ඇයි? පාරවල්වල හැමතැනම රෑට තොටුපලවල්වලයි ඒ මේ හැම තැනම ලයිට් තියෙනව අර යක්කු ටික නෑ. අතුරුදහන් වෙලා. මොකද මේ විදුලි බලය තියෙන නිසා හැම තැනම. ඉතින් ඕක පිළිගන්න ඕන. මේ රටවල් වෙනස් කරල තියෙන්නෙ. හැබැයි සමහරු හොරකම් කළා. ඒක ඇත්ත ඉතින් ඒව අල්ලනව අල්ලනව කිව්වට තාම මොනවත් පටන් අරගෙනවත් නෑනෙ. ඉතින් අපිත් කැමති ඉක්මනට ඒව ඉවර කරනව නම්”.

නන්දන ගුණතිලක ගේ එම ප්‍රකාශය පසෙක තිබිය දී වත්මන් ආණ්ඩුව බටලන්ද කොමිසම නවතාවයකින් සමාජ ගත කිරීමට වෙර දරන අතරේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කටයුතු පිළිබඳව ජාත්‍යන්තර ආයතන මගින් විමර්ශණය කළ යුතුය යන යෝජනාව මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ එවක විපක්ෂ මන්ත්‍රී වරයකුව සිටිමහින්ද රාජපක්‍ෂ විසිනි.ඔහු 1990 වසරේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ මෙරට මානව හිමිකම් සුරැකීම සඳහා ඕනෑම කෙනෙකු සමග එකතු වීමට සූදානම් බව ය.ඔහු ගේ ඒ ප්‍රකාශයට පදනම් වූයේ 1987-1990 තෙක් වූ ඝාතන සිදුවීම් බව පැහැදිලි ය. එසේ ප්‍රකාශ කිරීමෙන් නොනැවතුණු මහින්ද රාජපක්‍ෂ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳ වාර්තා සහ ලිපි ගොනු රැගෙන ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය වෙත ගොස් ඒ සියල්ල මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳ ජාත්‍යන්තර අවධානයට යොමු විය යුතු බව අවධාරණය කරමිනි. නමුත් එහි දී එවක රට පාලනය කළ එක්සත් ජාතික පක්‍ෂය මහින්ද රාජපක්‍ෂ මහතාට දේශද්‍රෝහී ලේබලය අලවමින් ආණ්ඩුවේ මාධ්‍ය ඔස්සේ ප්‍රහාර එල්ල කරන්නට කටයුතු කළේ නැත. එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව කළේ ඇමනෙස්ටි ඉන්ටර්නැෂනල් හා වෙනත් මානව හිමිකම් සංවිධානයන්ට රිසිසේ ශ්‍රී ලංකාවට පැමිණ ඒ සම්බන්ධ සත්‍ය කරුණු සොයා බලන්නට අවකාශ සැලසීම ය. ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග සහ රනිල් වික්‍රමසිංහ පාලනයන්හිදී එක්සත් ජාතික පක්‍ෂය අනුගමනය කළේ මේ පිළිවෙත ය.මේ හේතුවෙන් රටේ සැබෑ තත්වය දැන බලා ගැනීමට ජාත්‍යන්තර ආයතනයන්ට අවකාශ සැලසුණු අතර, මානව හිමිකම් සම්බන්ධයෙන් මහින්ද රාජපක්‍ෂ ඇතුළු පුද්ගලයන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඉදිරිපත් කළ පැමිණිලි සම්බන්ධයෙන් සොයා බැලීමට ද ඉඩ කඩ ලැබිණි.නමුත් එල්.ටී.ටී ඊ ක්‍රියාකාරකම් මුල් කොට ශ්‍රී ලංකාවේ කටයුතු සම්බන්ධයෙන් විමසීමට විදේශීය ආයතනයන් හා සංවිධාන ශ්‍රී ලංකාවට පැමිණීමට තහංචි පැනවූයේ ද 2005 වසරේ දී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැටළු ජාත්‍යන්තර තලයට ගෙන ගිය පුරෝගාමියා වූ මහින්ද රාජපක්‍ෂ විසින්ම වීම දෛවයේ සරදමකි.එමෙන්ම 1987-1990 භීෂණ සමය තුළ තම පක්ෂ සාමාජිකයන්ගේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් තම පක්ෂය ද නොකළ ලෙසින් ජාත්‍යන්තර අවධානය යොමු කර වූ මහින්ද රාජපක්ෂ දේශපාලන දංගෙඩිය වෙත රැගෙන යාමට වත්මන් ආණ්ඩුව ක්‍රියා කිරීම දේශපාලනික විස්මයක් හා විපරීතයක් සේ යමකුට හැඟී යා හැක.

දෙපැත්ත කැපෙන තියුණු අවියක් බඳු 1987-1990 භීෂණ සමය සම්බන්ධ අඳුරු සෙවනැලි ඉදිරියේ දී අනුර දිසානායක පාලනයට එරෙහි විදෙස් බලපෑමක් ලෙස ද පැමිණීමේ යම් අවදානමක් පවතින බව ද පැවසෙයි. ඒ අනුව තමන් අපේක්ෂා කරන දේශපාලන වාසිය ඊට වඩා බරපතල අවාසියක් ලෙස තමන් හමුවට පැමිණීමට ඇති ඉඩ කඩ පිළිබඳව ද ආණ්ඩුව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු ය..

මේ අතර ඇතැම් දේශපාලන විචාරකයකු පවසා හිඳිනුයේ එල් ටී ටීඊ ඩයස්පෝරාවේ අවශ්‍යතාව මත අල් ජසීරා රූපවාහිනී නාලිකාව මඟින් නැවත ඉස්මතු කරවන ලද යුද අපරාධ චෝදනාව ඊට මුහුණ දුන් හිටපු ජනපති රනිල් වික්‍රමසිංග මුළුමනින් ප්‍රතික්ෂේප කළ ද ඒ සමඟ ඔවුන් ඉස්මතු කළ බටලන්ද කොමිසමේ වාර්තාව දේශපාලනමය වාසි තකා වත්මන් ආණ්ඩුව විසින් යළි ඉස්මතු කිරීම ගැටළුකාරී විය හැකි බවකි.ඒ දෙපැත්ත කැපෙන තියුණු අවියක් බඳු 1987-1990 භීෂණ සමය සම්බන්ධ අඳුරු සෙවනැලි ඉදිරියේ දී අනුර දිසානායක පාලනයට එරෙහි විදෙස් බලපෑමක් ලෙස ද පැමිණීමේ යම් අවදානමක් පවතින බව ද පැවසෙයි. ඒ අනුව තමන් අපේක්ෂා කරන දේශපාලන වාසිය ඊට වඩා බරපතල අවාසියක් ලෙස තමන් හමුවට පැමිණීමට ඇති ඉඩ කඩ පිළිබඳව ද ආණ්ඩුව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු ය.

රීටා ජෙනට් පෙරේරා

එතෙර - මෙතෙර