දැන් ජනතාවට පාරට බහින්න තමයි තියෙන්නේ

අද රටේ ග්‍රාමීය වගේම විදුලිය,ගෑස් නැතිව කෙළඹ නාගරික පංතියත් බඩගින්නේ ඉන්නවා. ජනතාවට තෙල්,ගෑස්,විදුලිය නැතිව ගිහින්. මුළු රටම බරපතල ආහාර අර්බුදයකට පත්ව අසරණ වී සිටිනවා. මුළු රටම අද හැඬූ කඳුළින් ඉන්නේ.බලයේ ඉන්න අයට ඒවා තේරෙන්නේ නෑ.දැන් ඉතින් මහ ජනතාවට පාරට බැසීම හැර වෙන කරන්න දෙයක් නෑ” හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ(13) බදුල්ලේදි පැවැසීය. “රටේ ජනතාව ඔළුවේ ප්‍රශ්න ගොඩාක් තියගෙන කරන්න දෙයක් නැතිකමට බලාගෙන ඉන්නවා. අද මේ රට ආහාර ඇතුලු අර්බුද රැසකට මුහුණ දෙනවා. පසුගිය වසර දෙකේ දී රජය තීන්දු තීරණ ගද්දී අපි සම්බන්ධ කර ගත්තේ නෑ. පක්ෂ 13ක් එකතු කරලා මේ ආණ්ඩුව හදද්දී මාවත්ත් සභාපතිවරයෙක් විදියට පත් කරගත්තත් ඉන්පසුව කිසිම දෙයකට මාව සම්බන්ධ කර ගත්තේ නෑ”යනුවෙන් ද පැවසූ හිටපු ජනාධිපති වරයා මෙසේ ද කීය.”සිරිමාවෝ බණ්ඩාරනායක යුගයෙන් පසු මේ රටට හරි ප්‍රතිපත්තියක් ගෙනාවේ මගේ ආණ්ඩුව විතරයි. මම ප්‍රජාත්‍රන්ත්‍රවාදීව රට ගෙන ගියා ලෝකයේ සියලුම රටවල් මට උදව් කළා මම 19 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය ගෙනත් රටේ ප්‍රජාත්‍රන්ත්‍රවාදය ඇති කළා.නමුත් මම දුෂයෙන් තොර රටක් හදන්න බලාපොරොත්තු වුණත් ඒක මට කරන්න බැරි වුණා.”

කාලීන පුවත්