දැවි තෙල් නැති වුණොත් අඟහරුවාදා සිට යළි විදුලි කප්පාදුවක්

විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දැවිතෙල් නොලැබුණහොත් ලබන අඟහරුවාදා(25) සිට විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.. පවතින තත්වය හමුවේ ප්‍රධාන ධාරිතාවෙන් මෙගා වොට් 163 ඉවත් වීම මෙම තත්ත්වය ඇතිවීමට බලපාන බව ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා සඳහන් කරයි.සපුගස්කන්ද පිරිපහදුවෙන් දැවි තෙල් ලබා ගත නොහැකි වීම මත දැවිතෙල් ආනයනය සඳහා ඇනවුම් කොට ඇති මුත් එම දැවි තෙල් තොග අප රටට පැමිණීමට තව දෙසතියක් පමණ ගත විය හැකි බව පැවසෙයි.

කාලීන පුවත්