පසුගිය දා මහත් ආන්දෝලනයට ලක් වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ මහතාගේ මරණය අපරාධයක් බවට කොළඹ මහේස්ත්රාත් අධිකරණය තීන්දු කර තිබේ.බෙල්ලේ සහ මුහුණේ ප්රදේශවලට බාහිරින් එල්ල කරන ලද පීඩනයකින් ඔහුගේ මරණය සිදු වූවක් බවට ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පස් දෙනකු ගෙන් යුත් විශේෂඥ මණ්ඩලය නිගමනය කර ඇති බව වාර්තා වේ.එම කරුණු සැලකිල්ලට ගනිමින් මෙම සිද්ධිය හරහා අපරාධයක් සිදු වී ඇතැයි තීන්දු කළ මහේස්ත්රාත්වරිය ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට නියෝග කර ඇත.