දිලිත් ගේ ජනපතිවරණ මංගල රැලිය අද යාපනයේ

සර්වජන බලයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ප්‍රචාරක රැළි මාලාවේ මංගල ජනරැළිය අද(17) යාපනයේ රක්කාපාර පිට්ටනියේදී පැවැත්වෙන බව එම සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී හා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.ජාතික මට්ටමේ දේශපාලන සන්ධානයක් යාපනයෙන් ජනාධිපති සටන අරඹන ඉතිහාසයේ පළමු අවස්ථාව ද මෙය බව සඳහන් කරන ඒ මහතා මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් සාම්ප්‍රදායික මැතිවරණ ප්‍රකාශනයක් වෙනුවට උපායමාර්ගික වැඩසටහනක් ක්‍රියාත්මක කරන එකම ජනාධිපති අපේක්ෂකවරයා දිලිත් ජයවීර බවද වැඩිදුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්