අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
ඒ, බදුල්ල, නුවර, මාතලේ සහ කුරුණෑගල යන දිස්ත්රික්කවලටයි.
එම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (17) පස්වරු 4.00 දක්වා බලාත්මක වනු ඇති.
ඒ අනුව එම දිස්ත්රික්කවල වර්ෂාව තවදුරටත් පවතී නම් නායයාමේ, බෑවුම් කඩාවැටීමේ, ගල්පෙරළීමේ, පස්කන්ඩි කඩා වැටීමේ සහ පොලව ගිලා බැසීමේ අවදානම පිළිබඳ විමසිලිමත් වන ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් දැනුම් දී ඇත.