දිස්ත්‍රික්ක 09කට නායයෑම් අනතුරු ඇඟවීමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 09කට අදියර 01 සහ 02 යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයටත්, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, බද්දේගම, නෙළුව සහ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අදියර 02 යටතේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව සඳහන්.

ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, හොරණ, වලල්ලාවිට, මතුගම, දොඩන්ගොඩ සහ ඉංගිරිය යන ප්‍රදේශ ලේකම්ක කොට්ඨාසවලටත් අදාළ අනතුරු ඇඟවීම බලාත්මකයි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ, රුවන්වැල්ල, දෙහිඔවිට, යටින්තොට සහ බුලත්කොහුපිටිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ සහ කිරිඇල්ලප ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 02 යට‌තේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

එමෙන්ම අදියර 01 යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල, හැලිඇල සහ පස්සර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව සඳහන්.

තවද ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කමුල්ල සහ නියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් එම අනතුරු ඇඟවීම බලාත්මක වෙයි.

මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, ඇලපාත, කුරුවිට සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් මෙම අනතුරු ඇඟවීම නිකුත් කරන බවයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ.

කාලීන පුවත්