කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියේ ඇන්ජිමේ ඇක්සලයක් අද(08)අලුයම වේයන්ගොඩ හීන්දෙනිය පට්ටිගොඩ ප්‍රදේශයේ දී සිරවීම නිසා මේ වන විට ප්‍රධාන මාර්ගයේ පහළට ධාවනය වෙමින් තිබූ සියළුම දුම්රියන් අතරමඟ නතර කොට දමා තිබේ.ආපදාවට ලක් වූ M11 කාණ්ඩයට අයත් ඇන්ජිම සහිත දුම්රිය කට්ටලය ඇද ගෙන යාමට පවා නොහැකි තත්වයක් මත එය එතැන දීම පිළිසකර කෙරෙමින් පවතී.මේ හේතුව නිසා වේයන්ගොඩ අවට නවතා දමා ඇති දුම්රිය කට්ටලවල සිටින මඟීන් පාගමනින් වේයන්ගොඩ නගරයට රොක් වෙමින් සිටිති.එබැවින් වේයන්ගොඩ නගරයේ ආපන ශාලාවල ආහාර පාන වලට දැඩි ඉල්ලුමක් පවතින බව ද පැවසෙයි.දුම් රිය කට්ටල කිහිපයක් මෙසේ අතරමඟ නතර කොට තිබීම නිසා සාමාන්‍ය දුම්රිය ධාවන කටයුතු ද අඩාල වෙමින් පවතී.