දුම්රිය ස්ථානාධිපති සංගමය සහ දුම්රිය බලධාරීන් අතර තීරණාත්මක සාකච්ඡාවක් මේ වන විට ආරම්භ වී තිබේ. අද(27) පෙරවරු 10 ට ඇරඹුණු එම සාකච්ඡාවේදී සිය ඉල්ලීම්වලට විසඳුමක් නොලැබුණහොත් දීපව්‍යාප්ත දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කියයි.නමුත් දුම්රිය ස්ථානාධිපති සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් 10 න් 8 කට විසඳුම් ලබා දීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එකග වී ඇති බැවින් එලෙස වැඩ වර්ජනයක් ඇති නොවනු ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියයි. කෙසේ නමුදු ඒ සම්බන්ධයෙන් දුම්රිය ස්ථානාධිපති සංගමය ගන්නා තීරණය තව පැය කිහිපයක් තුළ ප්‍රකාශ කෙරෙනු ඇත.