දුම්රිය ස්ථානාධිපති වරුන් ක්‍රියාත්මක කර තිබූ පාර්සල් භාර නොගැනීමේ ටිකට් නිකුත් නොකිරීමේ සහ දුම්රිය මඟින් ඉන්ධන,පිටි සහ හුනුගල් සිමෙන්ති අමුද්‍රව්‍ය ප්‍රවාහනය නොකිරීමේ වෘත්තීය කියාමාර්ගය අවසන් කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමය කියයි.දුම්රිය ස්ථානාධිපති සංගමයේ නිලධාරීන් සහ ප්‍රවාහන රාජ්‍ය අමත්‍ය දිලුම් අමුණුගම මහතා අතර අද (28) පස්වරුවේ පැවැති සාකච්ඡාවෙන් පසුව එම වෘත්තීය කියාමාර්ගය අත්හිට වූ බව එම දුම්රිය ස්ථානාධිපති සංගමය කියයි.