වසර කිහිපයක් පුරා දුම්රිය රියැදුරු පුරප්පාඩු පිරවීමට පියවර නොගැනීම දුම්රිය ගමන්වාර අඩු කිරීමට හා අවලංගු කිරීමට මූලික වශයෙන් බලපා තිබෙන බව දුම්රිය රියැදුරු සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් චන්දන වියන්දූව සඳහන් කළේ මෙම තත්ත්වය තවදුරටත් පැවතියහොත් දුම්රිය සේවය පවත්වාගෙන යෑමට දැඩි බලපෑම් ඇති විය හැකි බවයි.මීට පෙර දිනකට ගමන් වාර 390ක් පමණ පැවති බවත් අද වන විට එය ගමන් වාර 340ක් දක්වා අඩු වී ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියි.
දුම්රිය රියදුරන් 458ක් අවශ්‍ය වුවත් මේ වන විට සිටින්නේ 220ක් වැනි රියදුරන් සංඛ්‍යාවක් බවයි සඳහන් වෙයි.ඒ අනුව රියැදුරන් 238කගේ විශාල හිඟයක් පවතින බව ලේකම්වරයා ප්‍රකාශ කරයි.
කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ තාක්ෂණික හා අනෙකුත් ශ්‍රේණිවල පුරප්පාඩු, එන්ජින්වල හිඟය දුම්රිය ප්‍රමාදයන්ට හා ධාවන අවලංගුවීම්වලට හේතු වී ඇති බවයි.