දුම්රිය ස්ථානාධිපතිවරු දහසක් රැකියා වලින් ඉවතට

ප්‍රවාහන මහා මාර්ග සේවා අත්‍යවශ්‍ය සේවාවක් වශයෙන් ගැසට් කර තිබියදීත් වෘත්තීය සමිති ක්‍රියාධරයන් විසින් රටේ පොදු නීතිය අභියෝගයට ලක් කර ඇති බවත්, එනිසා ඔවුන් රටේ නීතියට අවනත නොවීම හේතු කොට ගෙන සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවය හැර ගියා සේ සලකා ලිපි නිකුත් කිරීමට කටයුතු කළ බවත් ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.ඒ අනුව රටේ විධායක ජනාධිපතිවරයාගේ නියෝග අභියෝගයට ලක් කරමින් වර්ජනය සිදුකිරීම සම්බන්ධයෙන් දහසකට වැඩි එම දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සේවය හැර ගියා සේ සලකා ලිපි නිකුත් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකරවරයා කටයුතු කර තිබෙන බවද ඇමතිවරයා පැවසීය.පවසයි.වෘත්තීය අයිතිවාසිකම් මුවාවෙන් මහජනතාවට බලහත්කාරය පෑමට කිසිදු වෘත්තීය සමීතියකට ඉඩ නොමැති බවත් යුද හමුදාව සහ ආරක්ෂක අංශ යොදවා දුම්රිය සේවාවන් හැකි අයුරින් ලබාදීමට උපරිමය උත්සාහය ගන්නා බවද මෙහිදී අමාත්‍යවරයා පැවසීය

කාලීන පුවත්