අද (05) සිට ක්රියාත්මක වන පරිදි දුරකථන සමාගම් සිය ගාස්තු නැවත වරක් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
මෙම මස සිට 2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අය කිරීම හේතුවෙන් අද සිට පෙරගෙවුම් රීලෝඩ් පැකේජද වෙනස් වන අතර, නව ගාස්තු සම්බන්ධයෙන් සියලුම තොරතුරු අදාළ දුරකථන සමාගම්වල වෙබ් අඩවිවලින් ලබා ගැනීමේ හැකියාව පවතී.