මිනුවන්ගොඩ, දූනගහ, පල්ලියපිටිය රණසිංහ ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරියක් පාසලට කලිසමක් සහ කමිසයකින් සැරසී පැමිණීම හේතුවෙන් දෙමාපියන් දෙමව්පියන් ඇයට හූ තැබූ බවටත් දෙමවුපියන් විසින් අසභ්‍ය වචනයෙන් බැන වැදුණු බවටත් පවසා පසුව එම ගුරුවරිය පොලිසියට පැමිණිලි කර තිබේ.පාසල් ගුරුවරියන්ට සාරිය හෝ පහසු ඇඳුමක් ඇඳගෙන ඒමට අවසර දෙන ඉල්ලමින් ඇතැම් ගුරුවරියන් වෙනත් ඇඳුම් ඇදගෙන පාසැල් පැමිණෙමින් සිටින මුත් එම ගුරුවරිය එම ඇදුමින් පාසලේ තබාගන්නේ නම් තම දරුවන් ගෙදර ගෙන යන බව මව්පියන් පැවසීමත් සමඟ මෙම ගුරුවරිය පාසලෙන් ඉවත්ව ගොස් තිබේ. ඇය පිටව යද්දී දෙමව්පියන් ඇයට හූ තබා ඇත.දෙමවුපියන් මෙය සිදු කළේ විදුහල්පතිවරයාගේ කීම මත බවද පැමිණිල්ලේ සඳහන් ය.