දේශපාලනඥ පුරෝකතන හිස් ප්‍රලාප කරමින් පැය දහතුනක විදුලි කප්පාදුවක්

විදුලි කප්පාදු කරන කාල සීමාව පැය 13 ක් තෙක් දීර්ඝ කිරීම අද(31) අලුයම සිට අරම්භ විය. ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීම මත අද දිනයේ පැය 13 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිසම ද ඊයේ නිවේදනය කොට තිබිණ. ඒ අනුව අද දිනයේ විදුලි කප්පාදුව ආරම්භ කෙරුණේ මධ්‍යම රාත්‍රී 12 සිටය. ලංකා විදුලිබල මණ්ඩලය ඉංග්‍රීසි හෝඩියේ ඒ සිට එෆ් වශයෙන් නම් කොට ඇති යන කලාපවලට අලුයම තුනේ සිට හය දක්වා පැය 3 ක කාලයක් විදුලිය විසන්ධි විය. එම කලාප සදහා නැවත මධ්‍යහ්න 12 සිට පස්වරු 4 දක්වා පැය 4කුත් පස්වරු හයේ සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 6කුත් විදුලි කප්පාදුව සිදු කෙරේ.ඊට අමතරව එච් සිට එල් වශයෙන් නම් කොට ඇති කලාප සදහා ඊයේ මධ්‍යම රාත්‍රි 12 සිට අද අලුයම 3 දක්වා පැය 3 ක කාලයක් පළමුව විදුලි කෙරුණු අතර පෙරවරු 8 සිට මධ්‍යාහ්න 12 දක්වා පැය 4ක් ද පස්වරු 4 සිට රාත්‍රී 10 දක්වා පැය 6ක් ද එම කලාපවල විදුලිය කප්පාදු කෙරෙනු ඇත.මේ අතර පී සිට එස් වශයෙන් නම් කොට ඇති කලාප සදහා ද අද අලුයම 3 සිට 6 දක්වා පැය 3ක් විදුලිය කප්පාදු කරන ලදී.එමෙන්ම එම කලාපවල මධ්‍යාහ්න 12 සිට පස්වරු 4 දක්වා පැය 4ක් මෙන්ම පස්වරු 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 6ක් ද විදුලිය විසන්ධි කෙරෙනු ඇති.ටී සිට ඩබ්ලිව් වශයෙන් නම් කොට ඇති කලාපවල ද ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට අලුයම 3 දක්වා පළමු විදුලි කප්පාදුව සිදු වූ අතර. ඉන් අනතුරුව එම කලාපවල පෙරවරු 8 සිට මධ්‍යාහ්න 12 දක්වා පැය 4ක් සහ පස්වරු 4 සිට මධ්‍යම රාත්‍රී 10 දක්වා ද විදුලිය කප්පාදු කෙරෙනු ඇති.
එම් සිට ඉසෙඩ් දක්වා නම් කරන ලද කලාප වල අද අලුයම 5.30 සිට පෙරවරු 9 දක්වා සහ පස්වරු 4 සිට 6 දක්වා කාලය තුළ. තවත් පැය දෙකක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.මේ සියළු කටයුතු අතරේ දේශපාලන බලධාරීන් ඉන්ධන සහ විදුලි බල සැපයුම සම්බන්ධයෙන් දක්වා ඇති සියළුම පුරෝකතන හිස් ප්‍රලාප බවට පත් ව තිබේ.

කාලීන පුවත්