දේශපාලනයෙන් සමු ගන්න කිසිම අදහසක් නෑ

මහ මැතිවරණයෙන් පරාජයට පත්වුවද දේශපාලනයෙන් සමු ගැනීමේ කිසිදු අදහසක් තමන් තුළ නොමැති බව හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.ඔහු මේ බව පවසා සිටියේ ඉදිරියේ දී දේශපාලනයෙන් සමු ගැනීමේ අදහසක් ඔහු තුළ තිබේදැයි මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.තමන් මෙවර මැතිවරණයෙන් පරාජය වුවත් සමහර ජ්‍යෙෂ්ඨයන්ට මැතිවරණයට ඉදිරිපත් වීමට වත් ශක්තියක් නොතිබූ බව ද ඒ මහතා වැඩි දුරටත් කීය.

කාලීන පුවත්