දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා ළමයින් යොදා ගැනීම ගැන අවධානය

ජනාධිපතිවරණයට අදාළව විවිධ දේශපාලන පක්ෂ, තම දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා ළමයින් සහභාගී කරගැනීම පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.එම අධිකාරිය සඳහන් කළේ, ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බවයි.වැඩිහිටියන්ගේ අනුදැනුම, මැදිහත්වීම හෝ පෙළඹවීම මත වයස අවුරුදු 18 ට අඩු ළමුන් නීති විරෝධී ලෙස මෙම මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා සහභාගී වන බවට නිරීක්ෂණය වී ඇති බවකි.මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ළමුන් සහභාගි කර ගැනීම හේතුවෙන් ඔවුන් අනතුරුවලට හෝ කායික සහ මානසික පීඩාවලට ලක්වීමේ හැකියාව ඇති බවත්එවන් අවස්ථාවල නොපමාව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් සඳහන් කරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ළමුන් සහභාගි කරගැනීමෙන් වළකින්නැයි සියලුම දෙමව්පියන්ට,භාරකරුවන්ට, සහ සියලු දේශපාලන පක්ෂවලට දැනුම් දෙයි.

කාලීන පුවත්