දේශබන්ධු තෙන්නකෝන් පෞද්ගලික නිවාඩු ඉල්ලුම් කරයි

දේශබන්ධු තෙන්නකෝන් පෞද්ගලික නිවාඩු ඉල්ලුම් කරයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති දේශබන්ධු තෙන්නකෝන් මහතා දින දාහතරක පෞද්ගලික නිවාඩු අ‍යැදුම් කොට පොලිස් පති වරයා වෙත ලිපියක් යවා තිබේ.පසුගිය 09 වන දා කොළඹ ගෝල්ෆේස් පිටියේ සාමකාමී උද්ඝෝෂකයන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් වෙත එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අපක්ෂපාති පරීක්ෂණයක් සිදුකර එහිදී අනාවරණය වන තොරතුරු අනුව අධිකරණය වෙත තමන්ගේ නිර්දෝෂිභාවය වාර්තා කරනු ඇතැයි තමන් හුදෙක් අපේක්ෂා කරන බවත්, එම කරුණු සැලකිල්ලට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එම විමර්ශන අවසන් වනතෙක් 2022.05.30 දින සිට ඉදිරියට දින 14 ක කාලයක් තමන්ට පෞද්ගලික නිවාඩු ලබා දෙන ලෙසට දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ලිපිය මගින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත.මෙම කරුණු සැලකිල්ලට ගෙන පොලිස්පතිවරයා ඒ මහතා වෙත දින 14 පුද්ගලික නිවාඩු අනුමත කර ඇත.

කාලීන පුවත්