මාධ්‍යවේදියකු හා සමාජ ක්‍රියාධරයකු වන ධනුෂ්ක රාමනායක මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් පදවියට පත් ව තිබේ.හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සමීපතම දේශපාලන සගයකු වන ධනුෂ්ක රාමනායක මහතා චම්පික රණවක මහතා මහ නගර සංවර්ධන අමාත්‍යවරයාව සිටියදී ඒ මහතාගේ මාධ්‍ය ලේකම් වශයෙන් කටයුතු කළේය.නමුදු ධනුෂ්ක රාමනායක මහතාගේ මෙම පත්වීම සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධ 43 සේනාංක ආරංචි මාර්ග පවසනුයේ ධනුෂ්ක රාමනායක මහතාගේ මෙම පත්වීම හුදු ඔහුගේ අභිලාෂය පදනම් කර ගත් එකක් මිස ඒ පිළිබඳව 43 සේනාංකයේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවකි.