ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා දිවුරුම් දීම වළකමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනුකර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම් පහ විභාගයට නොගෙනම ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) නියෝග කළේය.හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා දිවුරුම් දීමට එරෙහිව ඉදිරිපත් කොට තිබූ මෙම පෙත්සම් ප්‍රියන්ත ජයවර්ධන, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන ලදී