නව ජනපති අනුර අද දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි විධායක ජනාධිපති ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ගාලුමුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේදී අද (23) පෙරවරු 8.30ට දිවුරුම් දෙයි.පෙරේදා (21) පැවැති ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් වැඩි ඡන්ද ලබා ගනිමින් ජයග්‍රහණය කළ ඒ මහතාට දේශපාලනඥයන් ඇතුළු බොහෝ දෙනකු සුබපැතුම් එක් කර තිබේ.පළමු වටයේ ඡන්ද ගණනයෙන් ඒ මහතා 5,634,915ක එනම් සියයට 42.31ක ප්‍රතිශතයක් හිමි කර ගෙන පළමු ස්ථානයට පත්ව සිටියි.

කාලීන පුවත්