නව ජනපති අනුර යටතේ අගමැති කැබිනට්ටුව ඇතුළු සියල්ල සූදානම්

ඉදිරි ජනාධිපතිවරණයෙන් ජාතික ජනබලවේග නායක අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කොට මෙරට ජනාධිපති වූ පසු පත් කරන අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය මේ වන විටත් සූදානම් කර අවසන් බව ජනතාව විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.එමෙන්ම ජනාධිපති ලේකම්වරයාගේ සිට අමාත්‍යංශ ලේකම්වරුන් දක්වා තනතුරු සඳහා ද මේ වන විට සූදානමින් සිටින බවද ඊට අදාළ විෂයන් හිටපු ලේකම්වරුන් විසින් මේ දිනවල සකස් කරමින් සිටින බවද ඔහු පවසයි..එමෙන්ම අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති පදවියට පත් වූ පසුව පත් කෙරෙන තානාපතිවරුන් ඇතුළු සමස්ත පරිපාලන ව්‍යුහයම මේ වන විටත් සූදානමින් ඇති බව ද ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටී.ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ උපුල් ශාන්ත සන්නස්ගල මහතා සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

කාලීන පුවත්