නව ජනපති ලේකම් පදවියට ආචාර්ය නන්දික සනත් කුමානායක

නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දන්වා ඇත. අද (23) දින ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා මෙම පත්වීම ජනපති ලේකම් කාර්යාලයේදී සිදු කළේ සිය ප්‍රථම රාජකාරිය ලෙසිනි.ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් හිමි අයෙකි. ශ්‍රී ලංකා රේගුවේ අඛණ්ඩතා උපදේශක ලෙස කටයුතු කොට ඇත.ඔහු මාතර රාහුල විද්‍යාලයේ දීප්තිමත් ආදී සිසුවෙක් ද වෙයි.

කාලීන පුවත්