අතිඋතුම් ශුද්ධෝත්තම ප්රැන්සිස් හිමිපාණෝ ස්වර්ගස්ථ වීමත් සමඟ හිස්වී ඇති පාප් පදවිය සඳහා දැනට ලොව පුරා සිටින අවුරුදු අසූවට අඩු කාදිනල් හිමිපාණෝ 135 දෙනෙක් සුදුසුකම් ලබා තිබෙති.
ඒ අතර ප්රධාන කාදිනල් හිමිපාණෝ 09 දෙනකුගේ නම් යෝජනා වී ඇත.
ප්රධාන කාදිනල්වරුන්ගේ නාමලේඛනයේ ශ්රී ලංකා ධජය යටතේ ආචාර්ය කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ නාමය ද ඉදිරිපත් කර තිබේ. වර්ෂ 2013දී අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් රදගුරු හිමිපාණෝ විශ්රාම යෑමෙන් පසු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ අගරදගුරු පදවියට පත්වූහ.
සිංහල, දෙමළ, ඉංග්රීසි, ඉතාලි, ප්රංශ, ජර්මන්, හීබ්රූ, ග්රීක, ස්පඤ්ඤ, ලතින් යන භාෂා හැසිරවීමේ නිපුණතාවකින් යුතු උන් වහන්සේ බෞද්ධ, හින්දු, මුස්ලිම් ආගමික සංහිඳියාව වෙනුවෙන් සහ සිංහල, දෙමළ සහ මුස්ලිම් ජාතීන් අතර ජාතික සමගිය ඇතිකරලීම සඳහා පසුගිය කාලය මුළුල්ලේම කැපවී ක්රියා කර තිබේ.